
රුසියානු ජනපති පුටින් ඝාතන සැලැස්මක් ව්‍යර්ථ කෙරේ
රුසියානු ජනාධිපති ව්ලැඩ්මිර් පූටින් ඝාතනය කිරීම සඳහා යුක්‍රේනය එවූ බවට සැක කෙරෙන ඩ්‍රෝන යානා දෙකක් වෙඩි තබා බිම හෙළා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා.
රුසියානු ජනාධිපති කාර්යාලය උපුටා දක්වමින් පළ වූ එම වාර්තාවල දැක් වුණේ රුසියානු ජනාධිපතිවරයාගේ නිවස පිහිටි ක්‍රෙම්ලිනයේ නිවාස සංකීර්ණය වෙත මෙම ඩ්‍රෝන යානා එවා ඇති අතර ඒවා ඉලෙක්ට්‍රොනික රේඩාර් පද්ධතිය ද අක්‍රිය කිරීමට ද සමත්ව ඇති බව සඳහන්.
ප‍්‍රහාරය එල්ල වන අවස්ථාවේ රුසියානු ජනාධිපතිවරයා එහි රැඳී නොසිටි අතර රුසියානු ප‍්‍රහාරවලින් පසු ඩ්‍රෝන යානා පුපුරා ගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.
කෙසේ වෙතත් මේ දිනවල ෆින්ලන්තයේ සංචාරයක නිරතව සිටින යුක්‍රේන ජනාධිපති වොලැදිමීර් සෙලෙන්ස්කි කියා සිටියේ තම රජය පුටින්ට හෝ මොස්කව්වලට පහර නොදෙන බවයි.
එබැවින් මෙම චෝදනා ප‍්‍රතික්ෂේප කරන බවද යුක්‍රේන ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.