රුසියානු ජනපතිගෙන් දැඩි තීරණයක්

රුසියානු ජනපතිගෙන් දැඩි තීරණයක්

රුසියන් හමුදාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා නව සාමාජිකයින් තුන් ලක්ෂයක් කඩිනමින් බඳවා ගන්නා ලෙස රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් නියෝග කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

රුසියන් හමුදාව මේ අයුරින් එරට හමුදාව ශක්තිමත් කර ගැනීම සිදුවන්නේ දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව බව සඳහන්.

අමෙරිකාව ඇතුළු බටහිර රටවලින් රුසියාවට න්‍යෂ්ටික තර්ජන එල්ල වන්නේ නම්, එවැනි තර්ජනවලට මුහුණ දීමට ශක්තිමත් හමුදාවක් සිටිය යුතු බවයි රුසියානු ජනාධිපතිවරයාගේ අදහස වී ඇත්තේ.

ඒ පිළිබඳ සහ ආරක්ෂක මණ්ඩල නිර්දේශ සැලකිල්ලට ගනිමින් මෙලෙස හමුදා සාමාජිකයන් බඳවා ගැනීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරත් සඳහන්.

Share This