
රුපියල්වලින් ලබාගත් ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමට මහ බැංකුවේ අවධානය
ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමේ ක‍්‍රියාවලිය තුළට රුපියල්වලින් ගත් ණය ද ඇතුළත් කිරීමට අවධානය යොමුව ඇති බව ශ‍්‍රී ලංකා මහ බැංකුව සදහන් කළා.
ශ‍්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරුන් ප‍්‍රකාශ කර ඇත්තේ මෙය විදෙස් ණය හිමියන්ගේ ණය ප‍්‍රතිව්‍යුහගතකරණ ක‍්‍රියාවලියට සමගාමීව සිදු කිරීමට නියමිත බවයි.
ඒ අනුව මෙම රුපියල් ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමේ ක‍්‍රියාවලියට මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් පමණක් සලකා බලන බවයි මහ බැංකු නියෝජිතයින් සදහන් කළේ.
දැනට පවතින මුළු භාණ්ඩාගාර බිල්පත් තොගයෙන් සියයට 62 යි දශම 4ක් ශ‍්‍රී ලංකා මහ බැංකුව සතුව පවතින අතර සේවක අර්ථසාධක අරමුදල වැනි විශ‍්‍රාම අරමුදල් සතුව භාණ්ඩාගාර බැඳුම්කරවලින් සියයට 42 යි දශම 7ක් පවතිනවා.
ණය ප‍්‍රතිව්‍යුහගතකරණයට අදාල ක‍්‍රියාවලියේ දී මෙරට දේශීය ණය මෙම වසරේ මැයි සහ විදේශීය වශයෙන් ලබා ගත් ණය මෙම වසරේ සැප්තැම්බර් මාස වන විට ප‍්‍රතිව්‍යුහගත කිරීම මහ බැංකුවේ අපේක්ෂාව වී තිබෙනවා.