රිය අනතුරකින් දෙදෙනෙකු මරුට

රිය අනතුරකින් දෙදෙනෙකු මරුට

පොලොන්නරුව – මඩකලපුව ප‍්‍රධාන මාර්ගයේ වාලච්චේන රිදීතැන්න ප‍්‍රදේශයේදි සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙකු මියගොස් තවත් සිව් දෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

පුත්තලමේ සිට කාත්තන්කුඩිය බලා ධාවනය කරමින් තිබූ වෑන් රථයක් හා කල්මුණේ සිට කදුරුවෙල දක්වා පැමිණෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ වෑන් රථයේ රියදුරු ලෙස කටයුතු කළ 80 හැවිරිදි පුද්ගලයෙකු සහ සහ මාස 4ක් වයසැති පිරිමි දරුවෙක්.

තුවාල ලැබූ සිව් දෙනා කාන්තාවන් වන අතර ඔවුන් මේ වන විට මඩකලපුව මහ රෝහලට ඇතුළත්ව නේවාසිකව ප‍්‍රතිකාර ලබනවා.

අනතුරට සම්බන්ධ පෞද්ගලික බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාලච්චේන පොලිසිය පැවසුවේ.

Share This