
රිදියගම සෆාරි උද්‍යානයේ දෙවන කොටසත් ළඟඳීම මහජන ප්‍රදර්ශනයට
රිදියගම සෆාරි සත්වෝද්‍යානයේ දෙවන කොටසත් ලබන මස 04 දින සිට මහජනතාවට විවෘත කිරීමට සැලසුම්කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ පළමු සෆාරි සත්ව උද්‍යානය වන මෙහි දැනට මහජනතාව සඳහා විවෘත කොට තිබෙන්නේ සෆාරි උද්‍යානයට නියමිත භූමි ප්‍රමාණයයෙන් කොටසක් පමණයි.
කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇත්තේ එහි අක්කර 34 කින් සමන්විත වන දෙවන කොටස මහජනතාව සඳහා විවෘත කිරීමට පියවර ගන්නා ලෙසයි.
ඒ අනුව ඔක්තොබර් මස 04 වැනි දිනට යෙදී තිබෙන ලෝක සත්ව දිනයට World Animal Day සමගාමීව රිදියගම සෆාරි උද්‍යානයේ දෙවන කොටස විවෘත කිරීමට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා.
රිදියගම සෆාරි උද්‍යානය සඳහා අක්කර 500 ක පමණ බිම් පෙදෙසක් වෙන් කොට ඇති අතර විවිධ සතුන් වර්ග සඳහා කලාප 13 ක් පිහිටුවා ඇති බව සඳහන්.