රැකියා,  අධ්‍යාපනය සහ පදිංචිය සදහා විදේශ ගතව සිටින ශ්‍රී ලාංකිකයින් ගැන  යාවත්කාලීන දත්ත පද්ධතියක්.

රැකියා, අධ්‍යාපනය සහ පදිංචිය සදහා විදේශ ගතව සිටින ශ්‍රී ලාංකිකයින් ගැන යාවත්කාලීන දත්ත පද්ධතියක්.

රැකියා, වැඩිදුර අධ්‍යාපනය සහ පදිංචිය සදහා විදේශ ගතව සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් යාවත්කාලීන වූ දත්ත පද්ධතියක් පවත්වාගෙන යාම රාජ්‍ය ප්‍රතිපත්තිමය තීරණ ගැනීම සඳහා වඩාත් වැදගත් වන බව කම්කරු හා විදෙස් රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා.

ඒ අනුව සමස්ත දිවයිනම ආවරණය වන පරිදි නිවරදි යාවත්කාලින වූ දත්ත පද්ධතියක් සකස් කිරීම සඳහා වන සමීක්ෂණයක් කඩිනමින් ආරම්භ කිරීම සඳහා අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් අවශ්‍ය පියවර ගෙන ඇතැයි සදහන්.

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ සංවර්ධන නිලධාරීන් මගින් මෙම සමීක්ෂණය සහ දත්ත පද්ධතිය සකස් කිරීමට අපේක්ෂිත අතර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඒ සදහා පහසුකම් සපයන බවයි වාර්තා වන්නේ.

Share This