රා්සි සේනානායක පළාත් පාලන කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශිකාව ලෙස පත් කෙරේ

රා්සි සේනානායක පළාත් පාලන කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශිකාව ලෙස පත් කෙරේ

කොළඹ මහ නගර සභාවේ හිටපු නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පළාත් පාලන කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශිකාව ලෙස පත් කර තිබෙනවා.

2001 – 2004 කාලසීමාවේ මලයාසියාවේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් තනතුර දරූ ඇය 2009 – 2010 කාලසීමාවේ බස්නාහිර පළාත් සභාවේ විපක්ෂ නායකවරිය ලෙස මීට පෙර කටයුතු කළා.

එමෙන් ම ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය ලෙස 2015 වසරේ කටයුතු කර තිබෙන ඇය අග‍්‍රාමාත්‍ය ප‍්‍රකාශක සහ අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ නියෝජ්‍ය ප‍්‍රධානී ලෙසද කටයුතු කර තිබෙනවා.

Share This