
රාහුල් ගාන්ධි මන්ත‍්‍රී ධුරයක් දැරීමට සුදුසු නෑ – ඉන්දීය නීති ප‍්‍රවිණයෙක් කියයි
ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධිට වසර දෙකක සිර දඬුවම් නියමවීමත් සමඟ මන්ත‍්‍රී ධුරය දැරීමට නුසුදුස්සෙකු බවට පත්වන බව එරට නීති ප‍්‍රවීනයෙකු මෙන්ම නීතිය පිළිබඳ හිටපු අමාත්‍යවරයෙකු වන කපිල් සිබාල් මහතා ප‍්‍රකාශ කර තිබෙනවා.
2019 වසරේ මැතිවරණ රැළියක් අතරතුර, අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ වාසගම සම්බන්ධයෙන් සිදුකළ අපහසාත්මක ප‍්‍රකාශයක් මුල් කරගනිමින් ගුජරාට අධිකරණයකින් ඊයේ රාහුල් ගාන්ධිට වසර දෙකක සිර දඩුවම් නියම කළා.
කෙසේ වෙතත් ඔහුට එම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා සිරදඩුවම දින 30කට අත්හිටුවා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.