
රාහුල් ගාන්ධිට මන්ත්‍රී පදවිය අහිමි වෙයි
ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධි ගේ මන්ත්‍රී පදවිය අත් හිටුවීමට එරට පාර්ලිමේන්තුව තීරණය කර තිබෙනවා.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී ට අපහාස කර ඇති බවට එරට පහළ අධිකරණයක් මගින් රාහුල් ගාන්ධි වැරදිකරු කිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
අදාළ නඩුවේ තීන්දුව ලබාදීමෙන් අනතුරුව ඒ අවස්ථාවේදීම රාහුල් ගාන්ධි ට ඇප ලබාදී ඇති අතර ඔහු වැරදිකරු කරමින් ලබාදුන් තීන්දුව මාසයකට අත්හිටුවා තිබෙනවා.