
රාජ්‍ය ප‍්‍රතිසංස්කරණ වලට එරෙහිව විරෝධතා කළ ප්‍රංශ විරෝධතාකරුවන් 120 අත්අඩංගුවට
පාර්ලිමේන්තු ඡන්ද විමසීමකින් තොරව විශ‍්‍රාම වැටුප් ප‍්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට ප‍්‍රංශය ගනු ලැබූ තීරණවලට එරෙහිව උද්ඝෝෂණ සිදු කළ විරෝධතාකරුවන් 120 දෙනෙකු එරට පොලිසිය විසින් ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් දින කිහිපයක සිට මෙලෙස විරෝධතාවයේ නිරත වන්නේ අදාළ විශ‍්‍රාම වැටුප් ප‍්‍රතිසංස්කරණය හරහා රාජ්‍ය සේවකයින්ගේ විශ‍්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 62 සිට 64 දක්වා ඉහළ දැමීමත් සමගයි.
මීට එරෙහිව අඛණ්ඩ වැඩවර්ජනද තවදුරටත් ක්‍රියාත්මකයි.
මතභේදයට තුඩුදී ඇති මෙම පනත් කෙටුම්පත පිළිබඳ සිය විරෝධය පළ කරන ප‍්‍රංශ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායිකා මැරීන් ලී පෙන් කියා සිටියේ එරට ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන්ගේ රජයට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් කරන බවයි.