රසායනික පොහොර තහනමෙන් මහ කන්නයේ අස්වැන්න පහළට

රසායනික පොහොර තහනමෙන් මහ කන්නයේ අස්වැන්න පහළට

මෙවර මහ කන්නයේදී හෙක්ටයාර් එකකට ලැබුණු වී අස්වැන්න මෙට්‍රික් ටොන් 3 යි දශම එකක් බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තහවුරු කළා.

එහෙත් 2021 මහ කන්නයට පෙර මෙරට හෙක්ටයාර් එකකින් ලද වී අස්වනු ප‍්‍රමාණය මෙට්‍රික් ටොන් 4 යි දශම එකේ සිට 4 යි දශම 5 දක්වා ඉහළ මට්ටමක පැවති බව සඳහන්.

ඊට ප‍්‍රධාන හේතුව සියලූම රසායනික පොහොර වර්ග ගොවීන්ට ලබා දීම බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

නමුත් 2021 මහ කන්නයේදී රසායනික පොහොර තහනම් කිරීමට ගත් තීරණයත් සමඟ හෙක්ටයාර් එකකින් ලැබූ වී අස්වැන්න මෙට්‍රික් ටොන් 2 යි දශම එක දක්වා පහත වැටුණු බව කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කළා.

විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ තවදුරටත් වී අස්වැන්න ඉහළ නැංවීම සදහා රසායනික පොහොර නැවත ලබාදීම සහ වැඩිදියුණු කළ බීජ සහ පැරෂුට් ක‍්‍රමය වැනි නව වී වගා තාක්ෂණික උපක‍්‍රම හඳුන්වාදීම දීමට බලාපොරොත්තු වන බවයි.

Share This