රයිගම් වෙතින් නැණපෝෂ නමින් නව නිෂ්පාදනයක් වෙළඳපලට

රයිගම් වෙතින් නැණපෝෂ නමින් නව නිෂ්පාදනයක් වෙළඳපලට

වයඹ සෝල්ටන්ස් සමාගම විසින් මෙරට ප‍්‍රමුඛ පෙලේ වෙළෙඳ නාමයක් වන රයිගම් සන්නාමය යටතේ නැණපෝෂ නමින් නව නිෂ්පාදනයක් ප‍්‍රථම වරට වෙළෙදපොළට හඳුන්වා දී තිබෙනවා.

බඩඉරිඟු, සොයා, සහල් සහ මුංඇට යන ධාන්‍ය නවීන යන්ත‍්‍රානුසාරයෙන් පිරිසිදුකර අඹරා, පිසගැනීමෙන් අනතුරුව පෝෂණ ගුණය ඉහළ නැංවීම සඳහා අතිරේක විටමින් පදාර්ථ එකතු කර මෙම නැණපෝෂ නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කරන බවයි රයිගම් සමාගම සඳහන් කලේ.

ඒ අනුව පාරිභෝගිකයින්ට මෙම නැණපෝෂ සුපිරි වෙළෙඳසැල්වලින් සහ දිවයින පුරා පිහිටි සියලු සිල්ලර වෙළෙඳසැල්වලින් මිල දී ගත හැකියි.

අග්ගලා හෝ රොටී, වඩේ මෙන්ම පිට්ටු වැනි අතිරේක ආහාරයක් මෙම නැණපෝෂ පිටි යොදා ගනිමින් සකස් කරගත හැකි බවයි වයඹ සෝල්ටන්ස් සමාගම නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

Share This