
රන්විර්ගෙන් විරාත්ට ආරාධනයක්
විරාත් කෝලි හා ඔහුගේ බිරිඳ සිනමා නිළි අනුෂ්කා ෂර්මා පෙනි සිටින විඩියෝවක් මේ දිනවල දී සමාජ මාධ්‍ය වල හුවමාරු වෙමින් පවතිනවා.
අපි කියන්න යන්නේ ඒ වීඩීයෝව දැකලා බොලිවුඩ් සුපිරි තරුවක් වන රන්විර් සිං කරපු දෙයක් ගැන…
ඉතිං රන්වීර් මේ වීඩීයෝ දැකලා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලිට කියලා තියෙනවා ඔහුට ඉතා ඉහළ මට්ටමේ රංගන හැකියාවක් තියෙනවා කියලා…
ඒ විතරක් නෙමෙයි මෙ අනුෂ්කා සහ විරාත් ඉතාම අලංකාර නර්තනයක යෙදන විඩියෝවක් පවා අනුෂ්කා එයාගේ සමාජ මාධ්‍ය ගිණුම් වලට එකතු කරලා තිබුණා…
මේ හැම වීඩීයෝවකටම ඊට ඉහළ මට්ටමේ ප්‍රේක්ෂක ප්‍රතිචාරද හම්බෙලා තිබුණු බව දැකගන්න පුළුවන්…
මෙම විඩියෝවත් රන්විර් දැකලා… ඒකට ප්‍රතිචාර දක්වමින් ඔහු කියලා තියෙන්නේ විරාත්ට ක්‍රිකට් ක්‍රීඩාව විතරක් නෙමෙයි රංගන හැකියාව වගේම නර්තන හැකියාව ද උපතින්ම උරුම වෙලා කියලා…
ඒ වගේම රන්වීර්, කෝලිට ඉන්දීය සිනමාවේ රංගනයට එක්වෙන්න කියලා ආරාධනයක් පවා සිදු කරලා තියෙනවා කියලා තමයි අපිට ආරංචි වෙන්නේ…