රට  විවෘත කිරීමෙන් පසුවත් දැඩි නීති යටතේ  දෛනික  කටයුතු.

රට විවෘත කිරීමෙන් පසුවත් දැඩි නීති යටතේ දෛනික කටයුතු.

නිරෝධායන ඇඳීරි නීතිය අවසන් වී රට විවෘත කිරීමෙන් අනතුරුව අවම වශයෙන් තවත් මාස තුනක පමණ කාලයක් දැඩි නීති යටතේ දෛනික කටයුතු පවත්වාගෙන යාමට අද තීරණය කෙරුණා.

ඒ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවති කොවිඩ් මර්ධන කාර්ය සාධන බලකායේ විශේෂ කමිටු රැස්වීමේදීයි.

ශීඝ්‍රයෙන් පැතිර යන කොරෝනා වෛරසය පාලනය සඳහා මේ වනවිට රට තුළ ක්‍රියාත්මක කෙරෙන දැඩි සංචරණ සීමා සහිත නිරෝධායන ඇඳිරි නීතිය ඔක්තෝම්බර් මස පළමු සිකුරාදා අලුයම 4 ද් තවදුරටත් දීර්ඝ කිරීමටයි එහිදී තීරණය කෙරුණේ.

සංචරණය සඳහා සීමා පැනවීම හේතුවෙන් රෝග ව්‍යාප්තියේ කැපී පෙනෙන අඩුවක් සටහන් වී ඇති බවද එම සාකච්ඡාවේදී අවධාරණය වී තිබෙනවා.

Share This