
රජය විසින් පොහොර සැපයුම්කරුවන්ගේ ණය ගෙවා දමයි
පොහොර සැපයුම්කරුවන්ට රජය විසින් ගෙවීමට නියමිතව තිබූ රුපියල් මිලියන 18 දහසක් ගෙවා අවසන් කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළා.
විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් අනුව මෙම ගෙවීම් සිදුකර ඇති බව සඳහන්.
පසුගිය 2021 වර්ෂයේ මහ කන්නයේ සිට මෙරට ගොවීජනතාවට ලබා දීම සඳහා ආනයනය කරන ලද කාබනික හා රසායනික පොහොර වෙනුවෙන් සැපයුම්කරුවන්ට රුපියල් මිලියන 20,000 ක් ගෙවීමට නියමිතව තිබුණා.