යෝක් ආදිපාදවරයාගේ තනතුරු යළි රැජිනට.

යෝක් ආදිපාදවරයාගේ තනතුරු යළි රැජිනට.

යෝර්ක් ආදිපාද 61 හැවිරිදි ඇන්ඩෘ කුමරු හමුදා තනතුරු සහ රාජකීය භාවිත අවසරය නිල වශයෙන් යළි රැජින වෙත භාර දී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ යෝර්ක් ආදිපාද ඇන්ඩෘ කුමරුට විරුධව සිවිල් අධිකරණයක ලිංගික චෝදනා සම්බන්ධයෙන් නඩුවක් විභාග වීම ඊට හේතුව බවයි.

කෙසේ වෙතත් ආදිපාදවරයා මෙම චෝදනා ප්‍රතික්ෂේප කර තිබෙනවා.

වර්ජිනියා ගුෆ්රේ නම් 38 හැවිරිදි කාන්තාවක චෝදනා කර ඇත්තේ ඇය 17 වන වියේදී ඇන්ඩෲ කුමරු තමන්ට අයුතු යෝජනා වලින් බලපෑම් කල බවටයි.

Share This