යොහානි පාර්ලිමේන්තුවට.

යොහානි පාර්ලිමේන්තුවට.

නව පරපුරේ ගායිකා යොහානි දිලෝකා ද සිල්වා මෙනවිය ඇගයීම සඳහා ලබන අඟහරුවාදා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී වැඩසටහනක් සංවිධාන කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ ලේකම්, පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සඳහන් කළේ එම සංසදය විසින් එය සංවිධාන කරන බවයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, කථානායක මහින්ද යාපා අබේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති, රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ යන මහත්ම මහත්මීන් ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගිවීමට නියමිත බව සඳහන්.

Share This