යුරෝපය සහ ආසියාවේ කොවිඩ් මරණ ගැන WHO වෙතින් අනතුරු ඇඟවීම්

යුරෝපය සහ ආසියාවේ කොවිඩ් මරණ ගැන WHO වෙතින් අනතුරු ඇඟවීම්

ලබන වසරේ මාර්තු මාසය වන විට යුරෝපයේ සහ ආසියාවේ තවත් පුද්ගලයින් හත් ලක්ෂයක් පමණ කොවිඩ් මාරයාට ගොදුරු විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ දැනටමත් යුරෝපා කලාපයේ රටවල් 53කින් මරණ මිලියන 1.5 ඉක්මවා වාර්තා වී ඇති බවයි

ලබන වසරේ මාර්තු මාසය පමණ වන විට මෙම කලාප දෙකෙහි රටවල දැඩි සත්කාර ඒකක වලට ඇතුළත් කරන රෝගීන් ප්‍රමාණය ඉතා ඉහළ අගයක් ගනු ඇති බවට අපේක්ෂා කරන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් සඳහන් කළේ

කෙසේ වෙතත් පවතින කොවිඩ් අර්බුදයට මුහුණ දීම සඳහා ප්‍රංශය, ජර්මනිය සහ ග්‍රීසිය ඇතුලු බොහෝ යුරෝපා රටවල් පළමු සහ දෙවන වශයෙන් එන්නත් මාත්‍රා සිය රටවැසියන්ට ලබාදී ඇති අතර, ඇතැම් රටවල් බූස්ටර් එන්නත් ලබාදීමද ආරම්භ කර තිබෙනවා.

Share This