
යුද ශක්තිය තර කිරීමට ඉන්දියාව සැරසෙයි
යුද ශක්තිය තර කිරීමට ඉන්දියාව පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව ඩොලර් බිලියන 8 දශම 5 ක් පමණ මිසයිල, හෙළිකොප්ටර් යානා, කාලතුවක්කු සහ ඉලෙක්ට්‍රොනික් යුද පද්ධති මිලදී ගැනීමට සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ඒ සඳහා ඊයේ අනුමැතිය ලබාදීමට එරට බලධාරීන් කටයුතු කර ඇති අතර සියලූම නව මිලදී ගැනීම ඉන්දීය සමාගම්වලින් සිදු කිරීමට නියමිතයි.
පාකිස්තානය සහ චීනය සිය යුද ශක්තිය වර්ධනය කිරීමට විවිධ පියවරයන් ගනිමින් සිටින බැවින් ඉන්දියාව ද මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.