යුකේ‍්‍රන යුද්ධයට අමෙරිකාව සෘජුව වගකිව යුතු බවට රුසියාවෙන් චෝදනා

යුකේ‍්‍රන යුද්ධයට අමෙරිකාව සෘජුව වගකිව යුතු බවට රුසියාවෙන් චෝදනා

අමෙරිකාව, යුක්රේන යුද්ධයට සෘජුව සම්බන්ධ වූ බව රුසියාව පවසනවා.

රුසියානු ආරක්ෂක අමාත්‍යාංශ ප‍්‍රකාශක රුසියානු ලුතිනන් ජෙනරාල් ඉගෝර් කොනෂෙන්කොව් සඳහන් කලේ, කිව් හමුදා විසින් භාවිත කරන ලද අමෙරිකාවේ නිෂ්පාදිත හිමාර්ස් කාලතුවක්කු සඳහා ඉලක්ක ලබා දෙනු ලැබූයේ අමෙරිකාව විසින්ම බවයි.

යුක්රේන නිලධාරීන් අතර හුවමාරු වූ ඇමතුම් වලින් මෙම සම්බන්ධය අනාවරණ වූ බව ද ඔහු පෙන්වා දී තිබෙනවා.

එමෙන්ම හිමාර්ස් යනු මීට පෙර යුක්රේනය සතුව තිබූ කාලතුවක්කුවලට වඩා අති නවීන කිලෝමීටර් 70 අධික දුරකින් පිහිට ඉලක්ක වෙත නිරවද්‍ය මාර්ගෝපදේශක මිසයිල දියත් කළ හැකි බහුවිධ රොකට් පද්ධතියක් වනවා.

සිවිල් වැසියන්ගේ සමූහ ඝාතනවලට හේතු වූ ඩොන්බාස් සහ අනෙකුත් ප‍්‍රදේශවල පිපිරීම් වලට යොදාගත්, කිව් විසින් අනුමත කළ සියලු රොකට් ප‍්‍රහාර සදහා සෘජුව වගකිව යුත්තේ අමෙරිකාවේ බයිඩන් පරිපාලනය බවයි කොනෂෙන්කොව් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

Share This