යුකේ‍්‍රනයේ මහල් 9 ක ගොඩනැගිල්ලකට මිසයිල ප‍්‍රහාරයක් – 17 ක් මරුට

යුකේ‍්‍රනයේ මහල් 9 ක ගොඩනැගිල්ලකට මිසයිල ප‍්‍රහාරයක් – 17 ක් මරුට

දකුණු දිග යුකේ‍්‍රනයේ ඔඩෙසා වරාය ආසන්න ප‍්‍රදේශයට රුසියාව විසින් මිසයිල ප‍්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

ප‍්‍රහාරය මහල් නවයක ගොඩනැගිල්ලක් වෙත එල්ල වී ඇති අතර එහි දී පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් තවත් 30 කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

ප‍්‍රහාරයත් සමඟ ගොඩනැගිල්ලේ ගින්නක් ද හටගෙන තිබෙනවා.

සහන මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි යුකේ‍්‍රන මාධ්‍ය වාර්තා කලේ.

Share This