යුක්‍රේනයෙන් මුදාගත් ප‍්‍රදේශවල මැතිවරණ පැවැත්වීමේ රුසියානු සැලසුමට බටහිර රටවල විරෝධය

යුක්‍රේනයෙන් මුදාගත් ප‍්‍රදේශවල මැතිවරණ පැවැත්වීමේ රුසියානු සැලසුමට බටහිර රටවල විරෝධය

දැනට රුසියානු පාලනය යටතේ පවතින යුක්රේනයේ ප‍්‍රදේශවල හදිසි මැතිවරණයක් මඟින් බලය පවරා ගැනීමට මොස්කව් පරිපාලනය ගන්නා උත්සාහය බටහිර ජාතීන් විසින් හෙලා දැක තිබෙනවා.

යුක්රේනයේ කලාප 4 ට රුසියානු පිටුබලය ලත් නිලධාරීන් විසින් ජනමත විචාරණයක් කැඳවා ඇත්තේ ඔවුන් රුසියාවේ කොටසක් විය යුතුදැයි විමසීම සඳහායි.

මීට විරෝධය පළ කරන අමෙරිකාව, ප‍්‍රංශය සහ ජර්මනිය ප‍්‍රකාශ කර ඇත්තේ වංචනික ආකාරයෙන් සිදුකරන මෙම මැතිවරණ තම රාජ්‍යයන් කිසිසේත් පිළිනොගන්නා බවයි.

මේ පිළිබඳ අදහස් දක්වමින් නේටෝ සංවිධානය ද ප‍්‍රකාශ කර ඇත්තේ පවතින යුදමය වාතාවරණය තවත් වර්ධනය කිරීම සඳහා මෙම ක්‍රියාදාමය සෘජුවම බලපානු ඇති බවයි.

රුසියාව විසින් එළඹෙන සිකුරාදා සිට දින 5 ක කාලයක් ඡන්ද විමසීම පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.

Share This