යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් සිව්දෙනෙකුගේ පන්ති තහනම්.

යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් සිව්දෙනෙකුගේ පන්ති තහනම්.

යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් ශාස්ත‍්‍ර පීඨයේ තුන්වන වසරේ ඉගෙනුම ලබන සිසුන් සිව්දෙනෙකුගේ පන්ති තහනම් කර තිබෙනවා.

එමෙන්ම විශ්වවිද්‍යාල පාලනාධිකාරිය විසින් අදාළ සිසුන් හට ඊයේ දිනයේ සිට විශ්වවිද්‍යාල භූමියට ඇතුල් වීම ද තහනම් කර ඇති බව සඳහන්.

ශාස්ත‍්‍ර පීඨයේ තෙවැනි වසරේ සිසුන් පිරිසක් පසුගිය 24 වැනි දින රාත‍්‍රියේ දෙවැනි වසරේ සිසුන් හය දෙනෙකුට පහර දී ඇති අතර, තුවාල ලැබූ එම සිසුන් යාපනය රෝහලට ඇතුළත් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Share This