
මෝය කටේ දිය නෑමට ගොස් එකම පවුලේ තිදෙනෙක් ජීවිතක්ෂයට
හලාවත මෝය කටේ දිය නෑමට ගිය එකම පවුලේ පියා, දියණිය සහ ඥාති පුත්‍රයෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා.
එලෙස ජීවිතක්ෂයට පත් වී ඇත්තේ 35 හැවිරිදි වියේ පසු වූ පිරිමි පුද්ගලයෙකු 7 හැවිරිදි ගැහැණු දරුවෙකු සහ 6 හැවිරිදි වියේ පසු වූ පිරිමි දරුවෙක්.
විනෝද චාරිකාවකට ගොස් හලාවත මෝය කටේ දිය නෑමට ගිය අවස්ථාවේ ඔවුන් දියේ ගිලී තිබෙනවා.
මීගමුව ප්‍රදේශයේ පංදිචි කරුවන් වූ මොවුන්ගේ මෘත ශරීර මේ වන විට සොයා ගෙන ඇති බවයි හලාවත පොලිසීය සඳහන් කළේ.