
මෝටර් රථයක් සොරකම් කිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
මෝටර් රථයක් සොරකම් කිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 32 හා 39 වයස්වල පසුවන තිහගොඩ සහ කඩුවෙල ප‍්‍රදේශවල පදිංචිකරුවන්.
මෙම සැකකරුවන් දෙදෙනා සමඟ සොරකම් කරන ලද මෝටර් රථය, ජංගම දුරකතන 2ක්, විවිධ වර්ගයේ සිම්පත්, නවතා තිබූ මෝටර් රථය ස්කෑන් කර පණ ගැන්වීමට භාවිත කළ යන්ත‍්‍රයක් පොලිස් භාරයට ගනු ලැබුවා.
මෙම සැකකරුවන් පසුගිය 27 වැනිදා තලවතුගොඩ ප‍්‍රදේශයේ දී මාර්ගයේ නවතා තිබූ අදාළ මෝටර් රථය පැහැර ගෙන ගොස් තිබුණා.