මෛත්‍රී රුවන්වැලි සෑය වැඳ පුදා ගනියි.

මෛත්‍රී රුවන්වැලි සෑය වැඳ පුදා ගනියි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ අනුරාධපුරයට ගොස් රුවන්වැලි මහා සෑය වැඳපුදාගෙන ආශිර්වාද ලබාගෙන තිබෙනවා.

රුවන්වැලි චෛත්‍යාරාමාධිපති පූජ්‍ය පල්ලේගම හේමරත්න හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත් හිටපු ජනාධිපතිවරයා උන්වහන්සේ සමග සුහද පිළිසඳරක නිරත වී ඇති බව සඳහන්.

එම අවස්ථාවේ පූජ්‍ය පල්ලේගම හේමරත්න හිමියන් විසින් රචනා කළ ගීතයකටද හිටපු ජනාධිපතිවරයා සවන්දී තිබෙනවා.

Share This