
මෛත්‍රීගේ ඉල්ලීමට අධිකරණයෙන් ඉඩ ඇහිරෙයි
හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම රුපියල් 21,000සක ගාස්තුවකට යටත්ව නිෂ්ප‍්‍රභ කිරීමට බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය අද නියෝග කළා.
ඒ සංජීව මොරායස් සහ ෆ‍්‍රෑන්ක් ගුණවර්ධන යන ද්විපුද්ගල විනිසුරු මඩුල්ල විසින්.
පාස්කු ප‍්‍රහාරයෙන් වින්දිතයින් බවට පත්වූ පුද්ගලයින්ට වන්දි අයකර දෙන ලෙස ඉල්ලා තමාට එරෙහිව කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩු සියල්ල ප‍්‍රතික්ෂේප කර එම නඩුවලින් නිදහස් කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙම පෙත්සම ගොනුකර තිබුණා.
ප‍්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින ත‍්‍රස්ත ප‍්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු ජනපති මෛත‍්‍රීපාල සිරිසේන ඇතුළු පිරිසකට එරෙහිව වින්දිතයින් විසින් නඩු 108ක් කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනුකර තිබෙනවා.