මේ වසරේ මුදල් මුද්‍රණයේ අඩුවක්

මේ වසරේ මුදල් මුද්‍රණයේ අඩුවක්

පසුගිය වසරට සාපේක්ෂව මුදල් මුද්‍රණය කිරීම මෙම වසරේදී විශාල වශයෙන් අඩු කර ඇති බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා ප‍්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ මුදල් මණ්ඩලයේ ප‍්‍රතිපත්ති පිළිබඳ තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්.

පසුගිය වසර තුළදී රුපියල් බිලියන 341 ක මුදල් මුද්‍රණය කර ඇති බව සඳහන් කළ මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ මෙම වසරේ ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ රුපියල් බිලියන 47 ක් මුද්‍රණය කරනු ලැබූ බවයි.

Share This