මෙරට ලාබාලතම කොරෝනා මරණය වාර්තා වෙයි

මෙරට ලාබාලතම කොරෝනා මරණය වාර්තා වෙයි

ගම්පොළ මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දින 08ක් වයසැති බිළිදෙක් කොරෝනා වෛරස නියුමෝනියාව හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

රජය ඊයේ තහවුරු කළ මරණ අතරට එම බිළිදා ද අයත්.

පසුගිය මැයි 25 වන දින මෙලොව උපත ලබා ඇති බිළිඳා මැයි 27 වන දින රෝහලෙන් පිටව ගොස් ඇති අතර නිවසට ගිය පසු ඇති වු වමනය හා උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් බිළිඳාව නැවත රෝහල් ගත කර තිබෙනවා.

ඉන් අනතුරුව සිදුකළ PCR පරීක්ෂණයකින් දී බිළිඳා ට කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු වී තිබෙනවා.

Share This