මෙරට මැලේසියානු මහකොමසාරිස් අධිකරණ ඇමති හමුවෙයි

මෙරට මැලේසියානු මහකොමසාරිස් අධිකරණ ඇමති හමුවෙයි

අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ මැලේසියානු මහ කොමසාරිස් ටැන් යන්ග් තායි මහතා ඊයේ (28) අධිකරණ අමාත්‍යාංශයේ දී හමු වී තිබෙනවා.

මෙම හමුවේ දී දෙරට අතර පවතින වෙළඳ සහ රාජතාන්ත්‍රික සබඳතා සම්බන්ධයෙන් හා ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර ද්වීපාර්ශවික සබඳතා වැඩි දියුණු කිරීම පිළිබඳව අවධානය යොමු වුණු බව සඳහන්.

දෙරට අතර දිගු කාලීන මිත්‍රත්වයක් පවතින බවත් ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී ඇති ආර්ථික අර්බුදය මඟහරවා ගැනීම සදහා මැලේසියානු රජයේ සහයෝගය අතිශයින් වැදගත් බවත් අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කර තිබෙනවා.

මැලේසියානු මහකොමසාරිස්වරයා සඳහන් කර ඇත්තේ ආර්ථික හා දේශපාලනික වශයෙන් දෙරට අතර පවතින සම්බන්ධතා තවදුරටත් වැඩි දියුණු කර ගැනීම සඳහා ඉදිරියේදීත් කටයුතු කරන බවත්, අවශ්‍ය සෑම අවස්ථාවකදීම තම රටෙහි සහයෝගය ශ්‍රී ලංකාවට ලබා දෙන බවයි.

Share This