
මෙරට මැතිවරණය කල්දැමීමට එරෙහිව එංගලන්තයේදීද විරෝධතා.
මෙරට පළාත් පාලන මැතිවරණය පැවැත්වීම කල්දැමීමට විරෝධතාවය පළකරමින් පසුගියදා එංගලන්තයේදී විරෝධතාවයක් සංවිධානය කර තිබුණා.
ලන්ඩන්හි වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තුව ඉදිරිපිටදී එම විරෝධතාවය පැවැත්වුණු අතර එය සංවිධානය කර තිබූණේ එක්සත් රාජධානියේ ජාතික ජනබලවේග ශාඛාව විසින් බව ආරංචි මාර්ග පවසනවා.
එහිදී විරෝධතාකරුවන් පැවසා සිටියේ වත්මන් ආණ්ඩුව ජනමතයට ඉඩ නොදෙන්නේ නම් ඊට එරෙහිව ලොවපුරා වෙසෙන් ශ්‍රී ලාංකිකයින් විරෝධය පළකිරීමට සූදානම් බවයි.