
මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ජාත්‍යන්තර සමාගම් දෙකක උපදෙස්
ශ්‍රී ලංකාව විසින් ලබාගෙන ඇති බාහිර ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් මැදිහත් පාර්ශව ලෙස ලොව ප්‍රධාන පෙලේ සමාගම් දෙකක් තෝරාගෙන තිබෙනවා.
රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේ මූල්‍ය සහ නීති ක්ෂේත්රයේ ප්රමුඛ සමාගම් දෙකක් වන ලැසාර්ඩ් සහ ක්ලිෆර්ඩ් චාන්ස් සමාගම් දෙක තෝරාගෙන ඇති බවයි.
එම ආයතන දෙක ඔස්සේ ඩොලර් බිලියන 12ක පමණ බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීමට මෙරට බලධාරීන් සැලසුම් කර ඇති බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.
සිය බාහිර ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවන බව පසුගිය මාසයේදී ශ්‍රී ලංකාව නිල වශයෙන් නිවේදනය කළා.
එසේම පසුගිය සතියේදී ඉතිහාසයේ පළමු වරට ණය වාරික ගෙවීම පැහැර හැරීමට පසුගිය සතියේදී ශ්‍රී ලංකාවට සිදුවුණා.