මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණයට ජනපති ජගත්  සංවිධානයේ  සහය පතයි.

මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණයට ජනපති ජගත් සංවිධානයේ සහය පතයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් අන්ද්‍රේ ෆ්‍රන්ශේ මහතා හමු වී තිබෙනවා.

ඒ, මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේදී සාධාරණ ආකාරයට ණය හැසිරවීම සහතික කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සහය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කලේ.

එමෙන්ම උතුරු නැගෙනහිර ප්‍රදේශවල සංවර්ධනය සහ ප්‍රතිසන්ධානය සඳහා වූ සැලසුම් ද ජනාධිපතිවරයා විසින් මෙහි දී එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරකවරයාට ඉදිරිපත් කළ බව සදහන්.

මේ අතර දෙමළ ජනතා ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී.විග්නේෂ්වරන් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තිබෙනවා.

ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ පස්වරුවේ එම හමුව පැවති බව සදහන්.

අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ සී.වී. විග්නේෂ්වරන් මහතා කියා සිටියේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා උනන්දුවෙන් ක්‍රියා කරන බවයි

Share This