
මෙරට ගුවන් සේවාවට වසර 110 යි
මෙරට ගුවන් සේවා ආරම්භ වී වසර 110ක් සපිරීම මුල් කරගනිමින් අද සැමරුම් උත්සවයක් සංවිධාන කර ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා.
ජාත්‍යන්තර වශයෙන් ගුවන් සේවා කර්මාන්තයේ නියාමනය උදෙසා බිහි වූ චිකාගෝ සම්මුතියට අත්සන් තබා වසර 78ක් සම්පූර්ණ වීම සැමරීමද ඊට සමගාමීව සිදු කිරීමට නියමිතයි.
කොළඹ තුරඟ තරඟ පිටිය ගුවන් තොටුපලක් බවට පරිවර්තනය කරමින් 1912 වසරේ දෙසැම්බර් 07 වැනිදා යාන්ත‍්‍රික බලයෙන් ක‍්‍රියාත්මක පළමු ගුවන් යානය මෙරටින් පළමු වරට ගුවන්ගත කර තිබෙනවා.
ඒ ජර්මානු ජාතිකයින් දෙදෙනෙකු වූ මාක් පෝප් සහ ජෝර්ජ් වර්මින් විසින්.