මෙරට කොවිඩ් නීති නිසා දකුණු අප්‍රිකානුවන් දෙදෙනෙකුට ශ්‍රී ලංකා සංචාරය අහිමි වෙයි

මෙරට කොවිඩ් නීති නිසා දකුණු අප්‍රිකානුවන් දෙදෙනෙකුට ශ්‍රී ලංකා සංචාරය අහිමි වෙයි

ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත දකුණු අප්‍රිකානු මූලික සංචිතය නම් කර තිබුනත් වේග පන්දු යවන ක්‍රීඩක ජූනියර් ඩාලා (Junior Dala) ට සහ පන්දු යැවීමේ පුහුණුකරු චාල් ලැන්ගවෙල්ඩ් (Charl Langeveldt) ට තරග සංචාරය අහිමි වී තිබෙනවා.

ඒ ඔවුන් ට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන්.

ජූනියර් ඩාලා 2018 වසරේ දී ශ්‍රී ලංකාව සමඟ පැවති එක්දින තරගාවලියෙන් පසු දකුණු අප්‍රිකානු එක්දින කණ්ඩායම සමඟ එක් වී නැහැ.

ඩාලා වෙනුවට වේග පන්දු යවන ක්‍රීඩක ලූතෝ සිපම්ලා (Lutho Sipamla) සංචිතයට එක්කරගෙන තිබෙනවා.

ඩාලා සහ චාල් ට මීට සති කිහිපයකට පෙර කොවිඩ් වෛරසය ආසාදනය වී තිබුණත් ශ්‍රී ලංකා රජයේ සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසා ඔවුන්ට මෙරට තරග සංචාරයට එක් වීමට හැකි වන්නේ නැහැ.

පන්දු යැවීමේ පුහුණුකරුගේ වගකීම මෙම සංචාරයේ දී Mandla Mashimbyi ට භාර කර ඇති බවයි වාර්තා වන්නේ.

දකුණු අප්‍රිකා කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ දී දෙරට අතර එක්දින තරග 3ක් හා 20යි 20 තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

දකුණු අප්‍රිකා කණ්ඩායම එළඹෙන බදාදා දිනයේ දී එරටින් පිටත්ව යාමට නියමිතව ඇති අතර, පළමු එක්දින තරගය ලබන දෙවනදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

TAGS
Share This