මෙරට කොරෝනා මරණ ඉහළ යාමට හේතුව හෙළි වෙයි

මෙරට කොරෝනා මරණ ඉහළ යාමට හේතුව හෙළි වෙයි

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් එන්නත් වර්ග 07ක් පමණ අනුමත කර ඇති බැවින් එම ඕනෑම එන්නතක් ලබාගෙන ආරක්ෂාව සලසා ගන්නා ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අවධාරණය කළා.

එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න පැවසුවේ එන්නත ලබාගත් පුද්ගලයින්ට වෛරසය ආසාදනය වුවද සියයට 90 කට වැඩි ආරක්ෂාවක් එමගින් සැලසෙන බවයි.

මෙරට කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව ඉහළ යාමට හේතු සම්බන්ධයෙන් ද විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය අදහස් පල කලා.

කොරෝනා ආසාදිතයෙකු සම්බන්ධයෙන් ක්‍රියා කල යුතු ආකාරය පිළිබඳවද විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය කරුණු පැහැදලි කලා.

Share This