මෙරට ආර්ථික වැඩපිළිවෙලට කැනඩාවේ අඛණ්ඩ සහය

මෙරට ආර්ථික වැඩපිළිවෙලට කැනඩාවේ අඛණ්ඩ සහය

ශ‍්‍රී ලංකාවේ ආර්ථික ස්ථායීකරණ වැඩපිළිවෙළට තවදුරටත් සහාය ලබාදෙන බව කැනඩා රජය ප‍්‍රකාශ කර තිබෙනවා.

ඒ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සහ මෙරට කැනඩා මහ කොමසාරිස් එරික් වොල්ෂ් අතර පැවති සාකච්ඡාවකදියී.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ද සහායෙන් සිදු කෙරෙන ප‍්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මහ කොමසාරිස්වරයා මෙහිදී ප‍්‍රසාදය පළ කර තිබෙනවා.

මෙරට කෘෂිකර්ම නවීකරණ වැඩසටහන් සදහා කැනඩා රජයේ සහාය ලබාදීම සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බව සඳහන්.

මෙරට සංවර්ධන වැඩසටහන් සදහා ද තවදුරටත් සහාය ලබාදෙන බවයි කැනඩා මහ කොමසාරිස්වරයා මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කර ඇත්තේ.

Share This