මෙරට ආර්ථිකය 1.6% කින් පහළට

මෙරට ආර්ථිකය 1.6% කින් පහළට

මෙම වසරේ ගත වූ පළමු කාර්තුවේ දී ආර්ථික වර්ධනය සෘණ 1.6 ක් දක්වා පහත වැටී ඇති බව ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.

ඒ අනුව 2021 වසරේ පළමු කාර්තුව හා සැසඳීමේ දී ශ‍්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය 1.6 % කින් පහළ ගොස් තිබෙනවා.

ගෙවී ගිය වසර 2 තුළ කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෙරට ආර්ථික පසුබෑමක් පෙන්නුම් කළ අතර එය යථා තත්ත්වයට පත්වෙමින් තිබියදී මෙලෙස නව වසරේ පළමු කාර්තුවේ දී ආර්ථික වර්ධන වේගය සෘණ අගයක් ගෙන ඇත්තේ.

උද්ධමනය, රුපියල අවප‍්‍රමාණය වීම, ඩොලර් හිඟය, විදෙස් පේ‍්‍රෂණ හා සංචාරක ආදායම් අවම වීම මෙලෙස ආර්ථික වර්ධනය සෘණ අගයක් ගැනීමට හේතුවී ඇති බවයි ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තු වාර්තා පෙන්වා දෙන්නේ.

2015 වසරෙන් පසුව සලකා බැලීමේ දී කෘෂිකාර්මික කටයුතු වල ද ඉහළම පසුබෑම මෙම කාර්තුවේදී වාර්තා වී තිබෙනවා.

Share This