මෙරටදී පළමුවරට රෙඩ්බුල් හාෆ් කෝට් තරගාවලියක්.

මෙරටදී පළමුවරට රෙඩ්බුල් හාෆ් කෝට් තරගාවලියක්.

රෙඩ්බුල් ආයතනය විසින් මෙරටදී පළමුවරට සංවිධානය කරන ලද රෙඩ්බුල් හාෆ් කෝට් තරගාවලිය පසුගියදා ශී‍්‍ර ලංකා පැසිපන්දු සම්මේලන කී‍්‍රඩාපිටියේදී පැවැත්වුණා.

ඒ සදහා දකුණ මධ්‍යම උතුර සහ බස්නාහිර පළාත්වල පැවති මූලික වටයේ තරගවලදී සුදුසුකම් ලැබූ පිරිමි හා කාන්තා කණ්ඩායම් 4 බැගින් එක්ව සිටියා.

ලොව රටවල් 20 ක කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් පහළොස් දහසකට වැඩි පිරිසක් අතරින් විශිෂ්ඨතම කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් හදුනා ගැනීම මෙම වැඩසටහනේ මූලික අරමුණ බවයි රෙඞ්බුල් ආයතනය ප‍්‍රකාශ කළේ.

තරග ජයග‍්‍රාහකයින්ට මෙම වසරේ ඔක්තෝබර් මාසයේ ඊජිප්තුවේදී පැවැත්වීමට නියමිත ලෝක ශූරතා තරගාවලියට සහභාගී වීමේ අවස්ථාව හිමි වනවා.

මේ ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රෙඞ්බුල් හාෆ් කෝට් තරගාවලියේ අධ්‍යක්ෂ ප‍්‍රනීත් උඩුමලගල මහතා.

Share This