මෙන්ඩිස් සහ ඇඹුල්දෙණිය කොදෙව්වන් දණ ගස්වයි.

මෙන්ඩිස් සහ ඇඹුල්දෙණිය කොදෙව්වන් දණ ගස්වයි.

බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමඟ ගාල්ලේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන ඉනිම අත්හිටුවීමට ශ්‍රී ලංකාව තීරණය කළා.

ඒ, කඩුලු 4 ක් දැවී ලකුණු 191ක් ලබා සිටියදී.

ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු 348ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

දිමුත් කරුණාරත්න ලකුණු 83 කට දැවී ගිය අතර ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 69 ක් රැස්කළා.

ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 386 කට සීමා වුණා.

එහිදී දිමුත් කරුණාරත්න ලකුණු 147 ක් ලබා ගත්තා.

බටහිර ඉන්දිය කොදෙව් පළමු ඉනිම ලකුණු 230 කට සීමා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

දෙවෙනි ඉනිම ක්‍රීඩා කරන බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම මීට ටික වේලාවකට පෙර කඩුලු 6 ක් දැවී ලකුණු 19 ක් ලබා සිටියා.

රමේෂ් මෙන්ඩිස් කඩුලු 4 ක් සහ ලසිත් ඇඹුල්දෙනිය කඩුලු 2 ක් දවාගෙන සිටිනවා.

Share This