මුම්බායි ගොඩනැගිල්ලක් කඩා වැටී 11 ක් මරුට

මුම්බායි ගොඩනැගිල්ලක් කඩා වැටී 11 ක් මරුට

ඉන්දියාවේ මුම්බායි නුවර ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයින් 11 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
බටහිර මලාද් ප්‍රදේශයේ දෙමහල් ගොඩනැගිල්ලක් ඒ එසල පිහිටි පැල්පත් මතට කඩා වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
තවත් 20 කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා ඇති අතර කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතල බව සඳහන්.
සුන්බුන් අතර සිරව ඇති පිරිස් සෙවීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.
නගර බලධාරින් සඳහන් කළේ එම කලාපයේ ගොඩනැගිලි රැසක් භාවිතය සඳහා නුසුදුසු තත්ත්වයක පවතින බවයි.
මෝසම් වර්ෂාවත් සමග මුම්බායි නුවර ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී ඇති බව ද එම වාර්තාවල වැඩිදුරටත් දැක්වෙනවා.

Share This