
මුදලිගේ අත්අඩංගුවට.
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා කුරුඳුවත්ත පොලීසිය විසින් බොරැල්ල කනත්ත ආසන්නයේදී අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
2020 වසරේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට විරෝධතාවකදී ඇතිවූ නොසන්සුන්තාවක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව නිකුත් කර තිබූ වරෙන්තුවකට අදාළවයි ඔහුව පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ.