
මුදල් ඉල්ලා මැතිවරණ කොමිසම ජනපතිට ලියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා අවශ්‍ය මුදල් ප‍්‍රතිපාදන නිකුත් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත ලිඛිතව ඉල්ලීමක් කළ බව එම කොමිසමේ සභාපති නීතීඥ නිමල් ජී. පුංචිහේවා මහතා ප‍්‍රකාශ කළා.
මුදල් අමාත්‍යංශ ලේකම්වරයා පසුගිය දා මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී තිබුණේ පළාත් පාලන මැතිවරණයට අදාළ ප‍්‍රතිපාදන නිකුත් කිරීම සඳහා සෘජු තීරණ ගැනීමට නොහැකි බවත් ඒ සඳහා මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය හිමිවිය යුතුය යන්නයි.
ඒ අනුව මැතිවරණය සඳහා අවශ්‍ය මුදල් ප‍්‍රතිපාදන නිකුත් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් මුදල් අමාත්‍යවරයාගෙන් මෙලෙස ලිඛිතව ඉල්ලීමක් කර තිබෙනවා.