
මුජිබර්ගේ පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරයට ෆවුසි
පසුගිය 20 වනදා සමගි ජන බලවේගයේ මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා කොළඹ පුරපති ධූරයට තරග කිරීමේ අරමුණින් සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබුණි.
මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයාගේ ඉල්ලා අස්වීමත් සමග හිටපු අමාත්‍යවරයෙකු වන ඒ.එච්.එම් ෆවුසි මහතාට පාර්ලිමේන්තුවට පිවිසීමේ අවස්ථාව උදාවී තිබේ.
ඒ මුජිබර් රහුමාන් මහතාගේ ඉල්ලා ස්වීමෙන් පසු පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහායි.
ඒ අනුව පරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ඒ.එච්.එම් ෆවුසි මහතාගේ නම මැතිවරණ කොමිසම විසින් ගැසට් කර ඇති බව සඳහන් වේ.
පසුගිය මහ මැතිවරණයේදී සමගි ජනබලවේගයෙන් තරඟ කල ඒ.එච්.එම් ෆවුසි මහතාට කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසන 06ක් හිමිවූ අතර මනාප 48,701ක් හිමිව තිබුණි.
ඒ අනුව ඔහු මනාප ලැයිස්තුවේ 07වන ස්ථානයට පත් වුණි.
කොළඹ හිටපු නගරාධිපතිරයෙකු ද වන ඒ.එච්.එම් ෆවුසි මහතා මේ වන විට 85 වියෙහි පසුවේ.