මීනා කුමාරිගේ ජිවිත කතාවේ සිනමා චරිතය ක්‍රිතිට

මීනා කුමාරිගේ ජිවිත කතාවේ සිනමා චරිතය ක්‍රිතිට

ඉන්දීය සුරූපි සිනමා නිළි මීනා කුමාරිගේ චරිතාපදානය අලලා සැකසෙන චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට යොවුන් බොලිවුඩ් සිනමා නිළි ක්‍රිති ෂැනොන් රංගනයෙන් එකතු වන බවට ඉන්දීය සිනමා ආරංචි මාර්ග පවසනවා.

70 හා 80 දශකවල හින්දි සිනමාවේ කාගෙත් ආදරය දිනූ මීනා කුමාරි නම් වූ ජනප්‍රිය රංගන ශිල්පිණිය වට ගෙතුණු මෙම චිත්‍රපටය ගොඩක් ලස්සන චිත්‍රපටයක් වෙයි කියලා තමයි අපිට නම් ආරංචි වෙන්නේ…

මෙම චිත්‍රපටයේ නිෂ්පාදක හංසාල් මෙහෙතා මේ ගැන මීට දින කිහිපයකට කලින් නිල වශයෙන් තහවුරු කළා.

කොහොම වුනත් මේ වෙද්දි නම් ක්‍රිති ‘අදිපුරුෂ්’, ‘ෂෙසාදා’ හා ‘ගණපත්’ කියන හින්දි සිනමාවේ තවත් රූගත කරගෙන යන චිත්‍රපට නිසා කාර්යබහුලව සිටින බව තමයි වාර්තා වෙන්නේ..

මේ අවුරුද්දේ තිරගත වුණු ‘බච්චන් පාණ්ඩේ’ චිත්‍රපටයේ පවා ඇය රංගනයෙන් දායක වෙලා තිබුණා.

Share This