මිය ගිය එලියන්තගේ පවුලේ අයටත් කොවිඩ් – ලසිත් මාලිංග කම්පාවෙන් !

මිය ගිය එලියන්තගේ පවුලේ අයටත් කොවිඩ් – ලසිත් මාලිංග කම්පාවෙන් !

තමන්ට කුණ්ඩලනී ශක්තියක් ඇති බව පැවසු එලියන්ත වයිට් මහතා මිය ගොස් තිබෙනවා.

ඔහු පසුගිය 9වනදා කොවිඩ් අසදිතව කොළඹ පුද්ගලික රෝහලකට ඇතුළත් කර තිබූ අතර පසුව අසාධ්‍ය වීමෙන් දැඩි සත්කාර ඒකකයට ඇතුල් කල බව සදහන්.

විශ්ව ශක්තියෙන් රෝග සුව කරන්නෙකු ලෙස පෙනී සිටි එලියන්ත් වයිට් පසුගියදා බෙහෙවින්ම ආන්දෝලනයට ලක් වූයේ කොරෝනා වලට අමාත්‍යවරුන්ද එකතු කර ගනිමින් ගඟේ මුට්ටි පා කිරීම හේතුවෙන්.

ශ්‍රී ලංකාවේ පමණක් නොව ඉන්දියාවේද කොවිඩ් වසංගතය මර්දනය කිරීම සඳහා ප්‍රබල මැදිහත්වීමක් සිදුකළ බව ද ඔහු පැවසු අතර ඔහුගේ පවුලේ සියලු දෙනාටම වෛරසය ආසාදනය වී ඇති බව ද මේ වන විට තහවුරු වී තිබෙනවා.

ඒලියන්ත වයිට් මහතා ජනප්‍රිය පුද්ගලයන් කිහිප දෙනෙකුගේම රෝගාබාධ සුවකිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියට පත්වුණා.

ඒ අතර ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග ද වනවා.

වෛද්‍ය ඒලියන්ත වයිට් මහතා අභාවප්‍රාප්ත වීමෙන් පසුව ලසිත් මාලිංග විසින් සිය Facebook පිටුවේ සටහනක් ද තබා තිබෙනවා……

Share This