මිනිස් ජාවාරමට එරෙහි මෙරට ක්‍රියාමාර්ග වලට ඉතාලියේ සහාය

මිනිස් ජාවාරමට එරෙහි මෙරට ක්‍රියාමාර්ග වලට ඉතාලියේ සහාය

මිනිස් ජාවාරමට එරෙහිව ශ්‍රී ලංකාව ගන්නා ක්‍රියාමාර්ග සඳහා තම සහාය දක්වන බව ඉතාලි තානාපතිනිය රීටා ජී. මැනෙලා ප්‍රකාශ කර තිබෙනවා.

එයට අවශ්‍ය හෙලිකොප්ටර් යානා සපයා දීමටත් ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපතිනිය සිය කැමැත්ත ප්‍රකාශ කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ඉතාලි තානාපතිනිය අද (25) පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වූ අවස්තාවේ මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

තවද දෙරට අතර ද්වීපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳවද එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් තවදුරටත් කියා සිටියේ දෙරට අතර සංස්කෘතික වැඩසටහන් හුවමාරුව, සංචාරක ව්‍යාපාරය වැඩිදියුණු කිරීම, ආයෝජන අවස්ථා ඉහළ නැංවීම මෙන්ම අසීරු අවස්ථාවේ ඉතාලියෙන් ශ‍්‍රී ලංකාවට ලබා දිය හැකි සහාය පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානය යොමු වූ බවයි.

Share This