මිකී ආතර් ස්වයං නිරෝධායනයට

මිකී ආතර් ස්වයං නිරෝධායනයට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ශේන් මැක්ඩර්මෝට් ට කොවිඩ් ආසාදනය වී තිබෙනවා.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට සහභාගී වීමේ අරමුණින් ශේන් ඇතුළු පිරිස මේ වන විට ගාල්ලේ රැඳී සිටින අතර එහිදී ඔහුට මෙලෙස කොවිඩ් ආසාදනය වී ඇති බව සඳහන්.

මේ හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර්ට සහ පිතිකරන පුහුණුකරු ග්‍රාන්ඩ් ෆ්ලවර්ට ස්වයං නිරෝධායනයට ලක් වීමටයි සිදුව ඇත්තේ.

කෙසේ වෙතත් කණ්ඩායමේ ක්‍රීඩකයින්ට කොවිඩ් ආසාදනය වී නොමැති බව සිදු කළ පරීක්ෂාවන් වලදී තහවුරු වූ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.

Share This