මැලේසියාවේ ගෘහ සේවයට ගිය ශ‍්‍රී ලාංකික කාන්තාවක් මහල් නිවාසකින් ඇද  වැටී ජිවිතක්ෂයට

මැලේසියාවේ ගෘහ සේවයට ගිය ශ‍්‍රී ලාංකික කාන්තාවක් මහල් නිවාසකින් ඇද වැටී ජිවිතක්ෂයට

සංචාරක වීසා බලපත‍්‍රයකින් මැලේසියාවේ ගෘහ සේවයට ගොස් සිටි ශ‍්‍රී ලාංකික කාන්තාවක් මහල් නිවාස සංකීර්ණයක දෙවැනි මහලෙන් වැටී ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජිවිතක්ෂයට පත්වී ඇත්තේ කුරුණෑගල – කොබෙයිගනේ අරලූ‍‍ගස්වැව ප‍්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි වියේ පසුවූ එක්දරු මවක් බව සදහන්.

පසුගිය වසරේ දෙසැම්බර් 18 වන දින මාලබේ ප‍්‍රදේශයේ පදිංචි ඇයගේ හිතවතෙකුගේ මාර්ගයෙන් විදේශ ගතව තිබු අතර පසුගිය 23 වන දින ඇය තම සැමියා සමග දුරකතනයෙන් පවසා ඇත්තේ අදාල නිවසේ තමන්ට සේවය කිරීමට නොහැකිබැවින් තමන් වෙනත් ස්ථානයක සේවය කිරීමට කටයුතු කරන බවයි.

ඇගේ සැමියා මෙම මරණය සැක සහිත බව ප‍්‍රකශ කර තිබෙනවා.

Share This