මැයි මාසයේදී සංචාරකයින් එක්දහස් පන්සියයක්

මැයි මාසයේදී සංචාරකයින් එක්දහස් පන්සියයක්

පසුගිය මැයි මාසයේදී මෙරටට සංචාරකයන් එක්දහස් පන්සියයකට ආසන්න සංඛ්‍යාවක් පැමිණ තිබෙනවා.
ඒ කොරෝනා වෛරස් ගෝලීය වසංගතයත් සමඟ ක්‍රියාත්මක වු සංචරණ සීමා අතරතුරයි.
ඒ අතුරෙන් බහුතරයක් චීනය, ජර්මනිය සහ ඇමෙරිකා එක්සත් ජනපදය යන රටවලින් පැමිණි බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කලේ.
කෙසේ වෙතත් අප්‍රේල් මාසයේ දිවයිනට පැමිණි හාර දහස ඉක්මවූ සංචාරකයන් සංඛ්‍යාව හා සසඳන විට මැයි මාසයේදී යම් පහත වැටීමක් වාර්තා වනවා.
එමෙන්ම, වසරේ මුල් මාස 5 තුල දිවයිනට සංචාරකයන් 15 ,294 ක් පැමිණ තිබෙනවා.

කසකස්ථානය, ජර්මනිය, ඉන්දියාව සහ චීනය දිවයිනට වැඩි වශයෙන් පැමිණි රටවල් ලෙස සටහන් වන බවයි සංචාරක සංවර්ධන අධිකාරිය කියා සිටියේ.

Share This